Posts

කරුමෙට හෝ සොමියට නැති දරුවෝ.

Image
මා විසින් ඉතාමත්ම ආසා කටයුතු දෙයක් වන්නේ  "ඌ ගැන උගෙන්ම අසාගැනීමයි" එනම් සැළලිහිනියා අතේ එවන පණිවිඩයට වඩා කඩුල්ල ලගට විත් සරම උස්සා හෝ කැහැපට ගසා (සරමක් නැතිනම් කොලරය හෝ ඔසවා ) "අ⁣ඩෝ මමයි කලේ පුළුවන් දෙයක් කරපන්" වර්ගයේ මිනිසුන්ට මා බොහෝ ලෙන්ගතුය. එයට හේතුව මා කියූ දෙයක් ගැන මගෙන්ම අසා විසදා ගන්නවාට මා කැමති නිසාය. දිනපතා සවස හත පමණ වනවිට සිය රාජකාරිය අවසන්කොට ඇගපතේ අමාරුව යන්නට කරටි කැඩෙන්නට කාලෙ කුප්පි දෙකක් සප්පායම් වූ එකෙක් අප නිවස ඉදිරියේ පාරේ වැනි වැනී  ගමන් කරනා අතර පුරුද්දකට මෙන් ඌ "ආ...ම්මට..@%@" පදය වයමින් ගමන් කරන නමුත් ඌ විසින් කියන්නේ සිය මෑණියන්ගේ තරුණකල වීරක්‍රියා වියහැකි බැවින් උගේ පව්ලේ ගැටළු වලට අප විසින් මැදිහත් වීමක් සිදු නොකරයි,  නමුත්.......... ඌ දිනක  " අපි නොදන්නවෑ මේ ගමේ ඉන්න තරමක් වේ.#@$@ගෙ කැරැට්ටුව" කියමින් යන්නට වූ විට පාරට බැස, මින් පෙර දිනවලදී කල චරිත විස්තර සිය මෑණියන්ගෙන් අසා දැනගෙන වුවත්, දැන් මේ පවසන දෑ සත්‍ය නොවන බවත් බහුතරයක් නිවාස වල තත්වය උගේ මවගෙ චරිත ලක්ෂණ නොවන බවත් වටහා දී ශටපට සත්තපඩි කිරීමට සිදුවේ... ගත

සැලෝන් ලියාරා...

Image
  තාත්තා වඩාගෙන ගොස් කොණ්ඩය කැප්පුවාට පසු තනිවම ගොස් කොන්ඩය කැපීමේදී මගේ පරිණාමය දැන් ඔබලා ඉතා හොදින් දැනසිටිනවාට සැකයක් නැත.  සැලුන් D සුනිල්, කෙල බාබර්,කමල් අයියා, සැලෝන් අරුණ  ආදී අත්තෙන් අත්තට මාරුවී පැමිණි මම කෙසෙල් ගසට කෙටුවෙමි.  කොන්ඩය කපාගැනීමට කාලකට පසු පට්ටිවල මංසන්දියට පැමිණි මට සුනිල් සහ අරුණ යන දෙදෙනාම නොමැති බවත් "සැලොන් ලියාරා" නමින් නව ස්ථානයකුත් දැකගැනීමට ලැබුණි. ටියාරා කේක් කා ඇති මා ලියාරා කෙසේද යන්න බලන්නට ගොඩවුනෙමි. මා කුඩාකල දහම්පාසලේ ඉගැන්වූ ගුරුතුමියකගේ ස්වාමිපුරුෂයා වු "පැතුම් අයියා" මට මුනගැසුනේ එසේය. මගේ මතකයට අනුව ඒ 2010 වර්ෂයයි. එතැන් පටන් දශකයකටත් වැඩි කාලයක් මා විසින් ඔහුගෙන් කොන්ඩය කප්පවාගෙන තිබේ. අරුණගේ තරම් සුඛෝපභෝගී නොව්නු, සුනිල්ගේ තරම් ග්‍රාමීය නොව්නු එය මධ්‍යම පාන්තික අර්ධසුඛොපභෝගී නගරාන්තර පන්නයේ මුහුණුවරක් දැරීය. ඉදගැනීමට කොට කුෂන් පුටු තුනකි. වැඩිහිටි කොණ්ඩා කැපීම් ආසනයක් සහ ළමා කොණ්ඩා කැපීම් ආසනයට අමතරව. අරුණගේ මෙන් ශල්‍යාගාරයක්ද එපිටින් වූ අතර නමුත් ඒවා තිරරෙදි වලින් වට නොකොට වීදුරුවෙන් විනිවිද පෙනෙන ආකාරයෙන් සකසා තිබුණි. එ

සැලුන් & සැලෝන්

Image
  "කොන්ඩෙ කැපුවෙ බාබර්ගෙ ගෑනිද..?" සාමාන්‍ය හුරු පෙනුම නොවී ඇසට හොදින් පෙනෙන අන්දමේ වෙනසක් කොණ්ඩා මෝස්තරයේ වූ විට ඇතමෙක් ඔබෙන්ද එසේ අසා ඇතිවාට සැක නැත. කට වචනයට හාස්‍යට එසේ විමසන නමුදු  එවන් දුර්ලභ අවස්ථාවකට මුහුන දුන් තවත් එක් පුද්ගලයෙක් ලෙස මට සාඩම්බරව ඉදිරිපත් වියහැක. ඒ කාලය වන විට මම කරනවෑමියන් තිදෙනෙකුට මුහුන දී අකමැත්තෙන් වුව සැලුන් D සුනිල් වෙතම ගෑටූ යුගයයි. අප ගමට සැලෝන් හඳුන්වාදුන් පුද්ගලයා ඔහුය. ඒතාක් නොතිබූ අමුතුම මාදිලියේ පෙනුමක් සමග වෛරණ "මනාලියන්ට අන්ඳවනු ලැබේ සැලෝන් අරුණ" නමින් විශාල පෝස්ටර් දෙකක් ඉදිරිපිට දොරටුව දෙපස මංගල්‍ය කාලයට පල්ලියක පොල් තොරණක සිරිගන්වමින්  සවිකර තිබුනි. මනමාලියන් කෙසේ ඇන්ද නමුත් පසු කලෙක මනමාලයන් විසින් නිරන්තරයෙන් අන්ඳවනු ලැබීම වෙනමම කාරණයක් වුවද පට්ටිවිල ගමට එවන් නවතම මුහුණුවක බාබර් සාප්පුවක් හදුන්වා දුන්නේ සැලෝන් අරුණ විසිනි. ඒතාක් ගමෙහි වූ සැලුන් සැලෝන් බවට පත් කිරීමේ පුරෝගාමියා සැලෝන් අරුණ අධිපති තුමා වේ. ඒතෙක් කාලයක් "ළමා සහ පිරිමි කොණ්ඩා රැව්ල් කපනු ලැබේ" මාතෘකාව කාන්තාවන්ටද සහභාගීවීම දක්වා ගෙනයෑමේ ගෞරවය ඔහුට

තාමත් තිබේ ආගන්තුක සැලකිල්ල...

Image
දින දෙකකට පමණ පෙර...  මෙම පුන්‍යභූමියේ ජන්ම ලාභය ලැබුවාවූ පූර්ව කුසල කර්මයේ කාලානූරූපී කරුමය හේතුකොටගෙන තුන්රෝද රියට ඉන්ධන ලබාගැනීමේ අදහසින් හන්දියක් හන්දියක් පාසා ගාටගාටා කිරිල්ලවල හතරමන් හන්දියේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සංවරව විසුවෙමි. එකී ආයතනයේ කාර්‍යක්ෂමතාවය සහ පිළිවෙළ ඉතා උසස්වූ බව නොකියා බැරිය. පෙට්‍රල් පොම්ප දෙකක් වූ අතර වෙනදා මෙන් තනි සේවකයා වෙනුවට නොමසුරුව එක් පොම්පයකට සේවකයින් තිදෙනෙක් යොදවා තිබුණි.  වත්මන් අර්බූදය හමුවේ තට්ටුමාරුවට සේවකයින්ට නිවාඩු ලබාදී එකම සේවකයා මරවමින් ලාභ ලබා ⁣ගන්නා මෙකල එහි අයිතිකරුවන් පැසසිය යුතුය. එක් පොම්පයක පසෙකින් යතුරුපැදි සදහාත් අනෙක් පසෙන් ත්‍රිරෝද රථ සදහාත්, මුදල් ගැනීමටත් ලිහිසි තෙල් දැමීමටත් වශයෙන් සේවකයින් වූ අතර. අනෙක් පොම්පයේ පසෙකින් කාර් සඳහා එක් පසෙකිනුත් අනෙක් පසෙන් බෝතල් භාජන හට්ටි මුට්ටි සඳහාත් ඉන්ධන නිකුත් කරනු ලැබේ. බෝතල් සදහා එක් අයෙකුට වරකට ලබා දෙන්නේ රුපියල් 500/= ක ඉන්ධන පමණි. එම සේවකයා පුටුවක වාඩිවී සිටී. පෝලිමේ පැමිනෙන්නන් හට පොම්පයේ 500 සටහන් කල සැනෙන් කරාමය ඔබා ඉන්ධන නිකුත් කරයි අනෙකා මුදල් ලබාගනී. එමනිසා ඉතා වේගවත්ව එම පෝ

කෙස් කේස්...

Image
  ජීවිතයේ හිස දන්දුන් චරිත දෙකක් ගැන ලියූ අතර මේ තෙවැන්නා ගැනය.  මුණගැසුණු බොහෝ චරිත විස්තර තොරණ පිළිවෙලින් ගෙන එන්නට සිතා සිටී. සැලුන් ඩී සුනිල්ගේ  "එකරටක් එක මූහුනක්" සංකල්පය හා ⁣එකම එක් වාරයක් පමණක් ගොඩවූ මාබිම කෙල බාබර්ගේ ඖෂධීය රූපලාවණ්‍ය ආලේපනයෙන් පසුව ගැටවර විය නිසා නව මුහුණුවරක් ලබාගැනීමට නම් නව කරණවෑමියෙක් වෙත යා යුතුයැයි නැවත දැනෙන්නට වීම නිසාම බොහෝ සොයාබැලුවෙමි.  ඒ අනුව මිතුරෙක් සමග කලකට ඉහත බොල්ලෑගල කන්ද පහල පත්තරකඩයට යාබද කඩකාමරයේ වූ "කමල් අයියාගේ" සැලුනයට ගොඩවීමට මට අවස්ථාව උදාවිය. අප එහි යන විටත් එක් පාරිභෝගිකයෙක් අසුන් ගෙන සිටි නිසා පෝලිම් බංකුවේ ආසනයක් අපට හිමිවිය.  ඕනෑම සැලුනයක පෝලිම් බංකුව ගැන බොහෝ අය දන්නවාට සැකයක් නැත. වාරය එනතෙක් කාරිය කරගන්නට උවමනා නම් ඉවසීමෙන් බලා සිටීමට පුරුෂයෙක් මනාකොට ඉගෙන ගන්නා ස්ථානය බාබර් සාප්පුව වීමට බොහෝ දුරට ඉඩතිබේ. එසේත් නොහැකි වූයේ නම් විවාහ වූ දිනක බිරිඳ සමඟ සාප්පු සවාරියෙන් ඉවසීම උගත හැකිය.  කළුපැහැ දිගු කලිසමකින් හා තනි රතු මදක් දිගු කමීසයකින් සැරසී සිටි බාබර් සාප්පුවේ හිමිකරු කමල් අයියාත් පාරිභෝගිකයාත් අතර සුහද

පිවිතුරුයි පළමු පෙම

Image
  පිවිතුරුයි පළමු පෙම ❤... පලවෙනි ලව් එකට වයස කීයද...? මේ කතන්දරේ කිව්වට මොකද මේක මගෙ ඉංටර්නල් මෙමරියෙ තියන මතකයක් නෙමෙයි පිටින් ඇප් එකකින් ඉන්ස්ටෝල් කරාපු එකක්.. කොටින්ම ඥාතීන් විසින් පුංචි කාලෙ කලා.....ලූ... කියල කියන්නැහැ ජාතියෙ එකක්... කොයි කාටත් පලවෙනි පෙම ඇති නොවැ හැබැයි මං ප්‍රේමය උපතින් මිට මොලවන් ආව ඩෑල්ලෙකක්.. කොටින්ම මගේ ෆස්ට් ලව් එක ගැන ඥාති පරපුරේ කටකතා සාහිත්‍යයේ එන්නෙ වයස අව්රුදු 4දි.. ඒ කියන්නෙ මේක මොන්ටිසෝරි පෙරේමයක්... "මොන්ටිසෝරි යන එවුන්ට මොන ලව්ද බාං හරියට චූ කරගන්ඩත් බැරි එකේ..." නැද්ද හා..? හැබෑව තමා හැබැයි මේක පුංචිකාලෙ පංඩිත වාක්‍යක් විතරමයි.. මං පෙරපාසල් ගිහින් තියෙන්නෙ වාරියපොල රබාවැව කියන පැත්තෙ නැන්දා කෙනෙක්ගෙ ගෙදරක නතර වෙලා සර්වෝදය පෙර පාසලකට... සුමානයක් සාමාන්‍ය විදිහට ගීන් ඒ නැන්දලෑ පුතයි දුවයි සෑහෙන්න වැඩිමල්.. උන් දෙන්න උන්ගෙ ලව් සීන් එකක් කතා කරන වෙලාවක මාත් ඔතන ඉදල තියනවා... කතාව ගීන් තියෙන්නෙ සෙනේකොල.. ඒ කියන්නෙ පෙම් හසුන් ගැන මාත් වයසෙ හැටියට ඕකට කන දික්කරන් ඉදලා අයියට කිව්වලු "අයියෙ මේ මටත් ඔහොම එකක් ලීලා දෙන්ඩකෝ" කියලා මුන

දිවි ඇති තුරා නැවත ලියන්නට නොලැබේවා ...

Image
  පස්වරු සේවාමුරය අවසන් වී නිවසට යන අතර මඟදී...  "උබේ යාළුවට කරදරයක්ලු පොඩ්ඩක් බලපන් ඇත්තද කියලා" තාත්තාගෙන් ඇමතුමක් ලැබෙන විට වේලාව රාත්‍රී 11.15 ලෙස කිසිදා නොමැකී සිතේ පවතී..  "මොන..?"  "ගෝනවල... සංජීවට"   "ඇයි තාත්තෙ මොකද්ද සිද්ධිය.?"  "සංජීවගෙ ලොකුපුතා නැතිවෙලාලු"  "මොකක්..? ආතල් ගන්නවද මේ මහ රෑ..?"  "විහිළු කරනවද යකෝ දරුවො මළා කියල තොගෙ &@%%$@%@%'  "හරි හරි මොකද වෙලා තියෙන්නෙ..?"  "පිලිකාවකින්ලු, පොඩ්ඩක් කතා කරලා බලපන්"  ඇමතුම විසන්ධි කල වහා එක මොහොතක් කල්පනා කලෙමි. සංජීවගෙ පුතා..? මම එහෙම දෙයක් දැනගෙන හිටියෙත් නෑනෙ.  වහා සංජීවගේ දුරකතනයට ඇමතුමක් ගත් නමුත් කිසිවෙකු හෝ ප්‍රතිචාර දැක්වූවේ නැත. තෙවනිවර පහත් හඬින් යමෙක් කතා කරන විටම ඒ මහවත්තේ සුදු අයියා බව මම කටහඬින් ඇදින ගත්තෙමි. "සංජීව අයියෙ කරදරයක් වුනා කියන්නෙ ඇත්තද..?" තාත්තාගේ වචන විශ්වාස නමුත් සෘජුව කාරණාව විමසන්නට මට ශක්තියක් නොවීය. "පුතේ මං සුදු අයිය. ඔව් ඔව් විස්තරේ ඇත්ත, අපි දැන් බියගම ඉස්පිරිතාලෙ අවසන් වැඩටික කරන්න ද

ආනයනික හා ආවේනික යටඇදුම්...

Image
මේ දිනවල රසවත්ම මාතෘකාව බැවින් දුර්ලභ අත්දැකීමක් විස්තර කරන්නට සිත්විය. විලිනෑ, රෙදි නෑ, රෙදි ඉල්ලෛ කියා සමහරුන් උජාරුවට කීවාට, ඇදිවත අහිමිව ගිය අවස්ථා සහිත අත්දැකීම් විරලය. සැමටම නොමැත. ඉදින් මේ මා මුහුණදුන් සත්‍ය ශෝකජනක රසබර කථාපුවතයි. වෙසක් බලන්නට යෑම... ඉතාමත් දීර්ඝ,රසකතා,අත්දැකීම් සහ ⁣ජීවිතයේ විඳි බොහෝ සුන්දර කතා ගොන්නක පරිජේදයකි. ඒවා ගැන සවිස්තරව පසු කලෙක ලියනා නිසා මෙම කතාව පමණක් හෙළිකරමි. අපගේ වෙසක් බලන්නට යෑම අත්ට්‍රැක්රේ පැදීම හා වෙනත් බොහෝ රථවාහන වලත් මෙන්ම පයින් සිදුවූ නමුත් වැඩිපුරම සහ සතුටුදායකම ගමන පාපැදියේ වෙසක් බලන්නට යෑමයි. එක පොදියට රංචු වශයෙන් විස්සේ තිහේ කණ්ඩායම් සෑදී අත්පොම්පය සහ කුඩය, රෝද තද කරන්නට හා කෝකටත් යතුරක්, වෑල්කරවල් පටියක් රැගෙන ඒ ගිය ගමන් ජීවිතයේ සොදුරුම හා කිසිදා අමතක නොවන ගමන්ය. ඒ ගමන් බොහෝවිට ආපසු ගමනේදී ගාලු මුවදොර පිටියට ලගාවී ගිමන්හැර මුහුදේ නෑමෙන් පසු පාන්දර සිදුකිරීම ආගමික වතාවත් මෙන් සාම්ප්‍රදායිකවම සිදුවූවකි. ⁣මේ සිදුවීමෙන් අනතුරුව සියළු පාපැදි එකට එක්කාසු කොට ආරක්ෂාවට අඟුල් ලෑමට දිගු දම්වැලක් රැගෙන යාමටද අප හුරුවිය. මෙම කතාව කියනා වාරය

මාබිම කෙල බාබර්....

Image
මේ ගෙවෙන්නේ බාබර් වසන්තයයි,  ඔව්, ඔබ සිතූ ලෙසින්ම නමෙහිම යම් තේරුමක් ගැබ්ව තිබේ. සැලුන් D සුනිල්ගේ ආවේනික කෝකටත් තෛලය කොණ්ඩා මෝස්තරයත්, පාසල් වාරයක් අවසානයේ ⁣නිවාඩු කාලය සදහා වෙනස් මුහුණුවරක් අපේක්ෂා කලත් ඒ හීන භංග කිරීම නිසා උපන් කෝපයත් සිත්හි ඇති බැවින් එක් අවස්ථාවක "යන්නෑ ඕක ලගට, යන්නෑ, වැද්ද වගේ කොන්ඩෙ වැව්නත් යන්නෑ ආය " සිතුවිල්ල දැඩිව ධාරණය කරගෙනමත් නිසා වෙනසක් කරමින් බාබර් මාරු කරගන්නට සිතුවෙමි.  මදක් සොයා බැලීමේදී එහා ගමේ තවත් බාබර් කෙනෙක් සිටිනා ආරංචියක් ලැබුනි. බියගම ප්‍රධාන මාර්ගයේ බියගම දෙසට යනවිට මාබිම හන්දියෙන් හෙයියන්තුඩුව දෙසට ඇති පාරේ වමට හැරෙන විටම හුන්ඩුවක් වැනි කුඩා 6X6 කඩකාමරයක ඒ බාබර්ගේ ව්‍යාපාරික ස්ථානය විය. ඒ සැතපුම් භාගය පයින්ම ගෙවා ඉර මුදුන්වූ මහා දවාලක තුන්මුනින් දාඩිය පෙරාගෙන මා එහි ලගා වූයේ නව මුහුණුවරක් නව පෙනුමක් සදහා නැව්ම් බලාපොරොත්තු අපේක්ෂා පෙරදැරි කරගෙනය.  වැඩි විස්තරයක් අනවශ්‍ය බැවින් ඔහු හීන්දැරි උස මිනිසෙක් බවත්, එකල සැලුන් එකකට ආවේනික වූ දෑ ඔහුගේ තැනත් වෙනසක් නැතිව තිබූ බවත් පමණක් කියමි. දනිස් වකුටු කරගෙන වාඩිවී සිටිය යුතු කුඩා බංකුවේ ම

ද කරණවෑමියා..

Image
  "පිරිමියෙක් ලෙහෙසියෙන් බාබර්වයි ටේලර්වයි මාරු නොකරයි" යන කතාව මා අසා ඇති ප්‍රසිද්ධ කියමනකි. මොහොතක කල්පනාවකින් මට වැටහෙන්නේ අන් අය සදහා කෙසේ වෙතත්  මට එය එලෙසින්ම බලපා ඇති බවයි. කොණ්ඩය කැපිය යුතුදා සිටත් යාන්තම් රැව්ල වැඩෙන්නට ගත් දින සිටත් මවිසින් බාබර් හෙවත් කරණවෑමියන් කිහිප දෙනෙකුගේම සේවය ලබාගෙන තිබේ.  මෑත කාලයේ නංගිලා මල්ලිලා පාසල ගමනට ආයුබෝවන් කී වහා පාඨමාලා සදහා යොමු වීම හේතුකොටගෙන ගම පුරා හිසේ කෙස් ගණනට සැලෝන් බිහිවී තිබේ.  එකල කොණ්ඩා කැපීම සදහා මගේ මතකයේ ඇති පරිදි අයකිරීම රුපියල් 50ක් පමණ විය. දෙපියන් සහිත දොරවල් මා දැක තිබෙන්නේ රජමහා විහාරස්ථානවල වුවත් සැලුන් වල ඇති දෙපියන් දොරවල් පොලොව මට්ටමේ සිට නොව අඩි හතරක් පමණ ඉහලින් පටන් ගෙන අඩි දෙකක් පමණ උසක් ඇති දොරවල් විශේෂයකි. මුල්ම මතකය සදහා සිත මෙහෙයවූ කල්හි මගේ හිසට මුල්ම කතුරු පහර දුන්නේ "සැලුන් D සුනිල්" විසිනි. බොල්ලෑගල මහ විද්‍යාලයට මෙහා බස් නැවතුම වන, මෑතක ප්‍රසිද්ධියට පත් මානෙල්වතු විහාරය දැනට පවතින ස්ථානයේ තුන්මන් හන්දිය අසල ඔහුගේ නැවතුම විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැලුන් එකක් වූ එය එකල එම ප්‍රදේශයට

බාබර්ර්ර්ර්..........1

Image
  ආහාර ගන්නා අවස්ථාවකදී මෙම කතාව කියවීමෙන් වළකින්න. පිටඋගුරේ යෑමට බොහෝ විට ඉඩ තිබේ.  බොමුද සීතල වතුර වීදුරුවක්..? ඔබ එය අසා ඇත්තේ ප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීමක වියහැක. නමුත් එය අප විසින් අසා ඇත්තේ මීට දස වසරකට පමණ  පෙරය. එයට අදාල සිදුවීම මෙසේය.  සැලෝන් D සුනිල් හී අධිපති, සුනිල් මහතාගේ සැබෑ නම නොදන්නා නිසා ඒ නමින් හදුන්වමු. වයස්ගත වීමත් සමඟ බොහෝ ස්ථානයන් සදහා තැනින් තැන සැලුන් එකත් රැගෙන මාරු වූ ඔහුගේ අවසාන නැවතුම පට්ටිවිල ප්‍රධාන තුම්මං හන්දියේ ත්‍රිරෝදරථ නැවතුම්පල අසල කඩකාමරයයි.  එනිසාම හයර් නොමැති අවස්ථාවලදී බොහෝ රියදුරන් ඔහුගේ සැලුන් එකෙහි වාඩිවී පත්තර බැලීම සාමාන්‍ය දෙයකි. ඒ සදහා සුනිල් මහතාද අකමැත්තක් නොදැක්වූයේ ඔවුන් සමග ඕනෑතරම් ඕපාදූප කියවන්නට ලැබුන නිසාමය. ⁣කියවන්නට ගැලපෙන අයෙක් නැතිනම් ඉතාම නිහඬ චරිතයක් වූ ඔහුගේ වාග්කෝෂය තමුසෙ,අයිසෙ, ඕයි, වැනි වචන භාවිත එකකි. ඒ නමුදු ඔහු කිසිවෙකු සමඟ රන්ඩු සරුවල් තබා බහින්බස් වීමක් හෝ කරඇති බවක් මා අසා නැති සාමකාමී මිනිසෙකි.  පැමිණෙන අයට සිසිල් ජල බිඳක් පානය සදහා ගුරුලේත්තුවක්ද  විනිවිද පෙනෙන උස වීදුරු ජෝගුවක්ද ඔහු විසින් සපයා තිබුණි. ගිනියම් හිරු